උණුසුම් පුවත්
Search
kanchana mendis

”අක්කලා තුන්දෙනයි මමයි අම්මයි ඒ කාලේ ගෙවල් විස්සක විසි පහක විතර කුලියට ඉඳලා තියෙනවා” – කාංචනා මෙන්ඩිස්

9339

පුංචි තිරයේත් රිදී තිරයේත් නොමැකෙන මතක සටහන් රැසක් දායාද කරපු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ. ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් ජනප්‍රිය වේගන එන කාලසීමාවේ දී බහුතරයක් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තා….

May be an image of 1 person, smiling and lighting

ඒ දේවල් එක්ක කලාව තුළ බොහෝ දුර ගමනක් ආපු ඇය විවාහයත් සමඟ විදෙස්ගත වෙනවා.විදෙස්ගත වීමත් එක්ක නැවත වතාවක් කාංචනා මෙන්ඩිස් කලාව තුළ විවිධ චරිත හරහා අපිට දකින්න අවස්ථාව උදාවුණේ නැහැ….

ඇය නම් කිව්වේ විවාහ වුණාට පස්සේ ආදරණීය දරුවන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න එක ඇයගේ එකම බලාපොරොත්තු වූ නිසා ඇය ඒ ආකාරයෙන් කලාවෙන් සමුගත්තා කියලයි….. ඒ වගේම තමයි ඇය කියන චරිතය ගොඩනැගෙන්න කලින් ඇය පුංචි කාලේ ආදරණීයන් සමග ගත කරපු ඒ අතීතය පිළිබඳවත් කියලා තිබ්බේ මේ වගේ කතාවක්….

May be an image of 2 people and people smiling

“මට මතකයි අපි පොඩි කාලේ අක්කලා තුන්දෙනයි මමයි අම්මයි ඉන්න කාලේ ජීවිතය වෙනුවෙන් බැට කාපු විදිහ. අපිට ඒක නිසා මුදලක හරි වටිනාකම දැනෙනවා…. ඒ කාලේ අපිට එහෙම පහසුකම් තිබුණේ නැහැ. මට මතකයි අපි ඒ කාලේ ගෙවල් විස්සක විසි පහක විතර කුලියට ඉඳලා තියෙනවා. සමහර වෙලාවට ගෙවල් වලින් අපිට යන්න කියනවා….. හේතුව අපි ගැහැනුම පස් දෙනෙක් නිසා, මොකද පිරිමි කෙනෙක් නෑනේ….. ඒ මිනිස්සුන්ට ඒ ගේ ගන්න බැරි වෙයි, ආපහු ගෙදරින් යවාගන්න බැරි වෙයි කියලා ඒගොල්ලො බය වුණා… සමහර වෙලාවට අපි වීල් එකේ බඩු ඇද්දා. එහෙම කාලයක් විඳලා තමයි අපි අද මෙතනට ආවේ….”

May be an image of 2 people and text

ඉතින් ඇය ඇයගේ ජීවිත කතාව ගැන කියලා තිබ්බේ ඔන්න ඔය විදිහටයි. කෙසේ නමුත් මේ වෙනකොට ආදරණීය දරුවන් තිදෙනේක්ගේ මවක් විදියට ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන්නට වාසනාව උදාවෙලා තියෙනවා. ඉතින් ඒ අතරේ ඉඩක් ලැබුණාම ඇය ලංකාවට ඇවිත් යන්න අමතක කරන්නේ නෑ.

May be an image of 5 people, baby and people smiling

No photo description available.

No photo description available.

May be an image of 1 person, smiling, television, newsroom and text

May be an image of 1 person, smiling, newsroom and text