උණුසුම් පුවත්
Search
Untitled design 8

‘ කිරි සුවඳ ටික ටික දුරස් වෙලා නුඹයි අපෙ දිවියේ පුංචි හුරතලා ’ – රොෂාන් රණවන පුතු වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

67

රිදී තිරයේ සිටින කඩවසම් නළුවන් අතරින් තරුණියන්ගේ සිහින කුමාරයා කවුරුන්දැයි ඇසුවොත් දෙවරක් නොසිතාම ඔවුන් පිළිතුරු දෙන්නේ රොෂාන් රණවන කියන නමයි. එදා මෙදා තුර සිනමාවේ පෙම්වතා ලෙසින් කාගේත් ආකර්ශනයට නතු වූ ඔහු සැබවින්ම කඩවසම් තරුණයෙක් වනවා. ඉතාමත්ම තාත්වික රංගනයක් ඔස්සේ රසික රසිකාවියන් පිනවන මේ ආදරණීය රංගන ශිල්පියා සැබෑ ජීවිතයේදීත් ඉතාමත්ම නිරහංකාර තැන්පත් පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමයි ඔහු මස් මාංශ කිසිම දෙයක් අනුභව නොකරන නිර්මාංශ පුද්ගලයෙක් වීමත් විශේෂත්වයක්.

309718678 652309502921357 662833262269091583 n

බොහෝ වෙළඳ දැන්වීම් තුළත් music videos තුළත් දැකගන්නට ලැබෙන ඔහු අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගා වලින් වල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් විදිහටත් බොහෝ අවස්ථාවන්වල දී අපට දැකබලා ගන්නට පුළුවන්. මේ වන විට ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරන මේ ආදරණීය රංගන ශිල්පියා විවාහ වන්නේ එදා සිටම සිට ම ආදරය කළ යුවතිය සමඟයි. ඔහුට කොතරම් පෙම් ඇරයුම් ලැබුනත් ඔහු තම ආදරය අමතක කළේ නැහැ. කුෂ්ලානි නමින් හඳුන්වන සුන්දර යුවතියක් සමග විවාහ විවාහ වී සිටින ඔහුට මේ වන විට ආදරණීය පුතෙක් ද සිටිනවා. ඉතිං පසුගිය දිනක දී ඔවුන්ගේ මේ සුරතල් පුතාගේ ජන්ම දිනය යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් රොෂාන් සහ කුෂ්ලානි යන දෙපළ ම ආදරණීය කවි සංකල්පනාවක් සිය මුහුනු පොත තුළ පළ කිරීමට අමතක කර තිබුණේ නැහැ. ඒ මේ විදියට.

309056597 652293549589619 261179372175333280 n

” තෙවසරක කාලයකුත් පසු කරලා පුතු සෙනෙහස ජීවිතයට හොඳටම දැනිලා ගතට වෙහෙසක් දැනුනත් හිත පිරිලා පුදමි ඒ ආදරය හැමදාමත් නොවෙනස් කරලා හැමට වඩා අම්මට කරදර කරන්නේ ඇය මිස නැත කිසිවෙක් පුතු හට දැනෙන්නෙ තාත්තා දුටුවිට සිඟිති හිත ඉපිලෙන්නේ තවත් වීරයෙක් නැත ඔබ හඳුනන්නේ කිරි සුවඳ ටික ටික දුරස් වෙලා පාසල් යන්නත් දැන් පුතු හුරු වෙලා නැටුම් ගැයුම් මැද නැත හුදකලා නුඹයි අපෙ දිවියේ පුංචි හුරතලා

309075507 652293556256285 7973119134354918527 n

ලොවට ආලෝකයක් වෙන්නට හැකිවේවා කරුණා දයාවෙන් ඔබ සිත පිරේවා ඔබ දකින සොඳුරු සිහින ඉටු වේවා පුතුනි සුභ උපන්දිනයක් වේවා ( කවි සිතුවිලි අම්මා සහ තාත්තාගෙන් ) ” ඉතින් මේ පුංචි පුතාට සුභම සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඔවුන්ගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

309158635 652293539589620 5625097955488319092 n