උණුසුම් පුවත්
Search
manjula

රංගන ශිල්පිණි ”ඕලු”ගේ පතලේ වැඩ කළ සහාය නළුවා නිල් මැණික් වංචාවට අත්අඩංගුවට

170

මෙරට ප්‍රකට ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි (ඕලු) තවත් කාන්තාවක සමග හවුලේ පවුත්වාගෙන යන මැණික් පතලක ඇති වූ වංචාවක් සම්බන්ධයෙන් ගුණරත්න බණ්ඩාර නමැති සහය ටෙලි නාට්‍ය නළුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම නළුවා අදාළ ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ ටෙලි නිළියගේ හා ඇගේ සැමියාගේ හිතවත්කම මතයි.

image 256

වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියට 22 දින රාත්‍රී සැකපිට ලග්ගල පොලිසිය මගින් එම්.ඩී.එම්. ගුණරත්න බණ්ඩාර නමැති සහය ටෙලි නාට්‍ය නළුවා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

image 253

ලග්ගල දෙවලදෙනිය ප්‍රදේශයේ කාන්තාවක් සමග ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි මංජුලා කුමාරි පෙරේරා යන අය පතල් කැනීම් සඳහා ගිවිසුම් අත්සන් කොට ටෙලිනාට්‍ය නිළියගේ නියෝජිතයා ලෙස පතල බලාගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනාට ඔහු වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් හැසිරී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රසිද්ධ නිළිය සමග පතල් ගිවිසුම අත්සන් කොට පතල ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මෙම පුද්ගලයා පතලේ ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යාමට උත්සාහ කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස බව පවසමින් තමන්ට තර්ජනය කරන බවත්ය.

මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට ගෙන්වා තිබුණු අයකුච වන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමග යැවූ බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධ වලට සම්බන්ධව වාරියපොල පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බවද හෙළිව ඇත.

image 254

ටෙලි නාට්‍ය නිළියගේ තවත් කණ්ඩායමක් මෙම පතලේ වැඩ කරන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටෙලි නාට්‍ය නිළිය සහ ඇයගේ සැමියා අද (24) උදෑසන 09ට ලග්ගල පොලිසියේ පෙනී සිටිමට ද නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරු , මෝටර් රථය සහ නිල් මැණික් ගල ලග්ගල පොලිසිය විසින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

image 255

Source – Gossip Lanka News