උණුසුම් පුවත්
Search
SACHINI

මව් පදවියට සැරසෙන රටම දන්න හැඩකාර, කටකාර නිවේදිකාව (ඡායාරූප සහිතයි)

4439

අපේ රටේ නිවේදන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුන්සලා කියලා කියන්නේ. ඇය රූපවාහිනී නිවේදන කටයුතු හා සම්බන්ධ වන්නේ කුඩා කාලයේ පටන්මයි. Derana little star රියලිටි වේදිකාව තුළ මෙන්ම derana champion star unlimited රියැලිටි වේදිකාව තුළ සිය අපූරු කථිකත්වය ඔස්සේ රසික සිත් ග්‍රහණය කර ගැනීමට සමත් වී සිටින ඇය පේෂල සහ මාධව සමඟ තමයි වැඩිපුරම වැඩ කටයුතු සිදු කරන්නෙ. ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශය වන අවුරුදු උත්සව සඳහා මෙන්ම අනෙකුත් විශේෂ අවස්ථාවන්හි දී ඇය සිය නිවේදන කටයුතු සිදුකරනු ලබනවා.

image 167

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන ඇය උසස් පෙළ සදහා කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වනවා. වාණිජ විෂය ධාරාව හදාරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී ඉගෙන ගන්න කාලෙදිම තමයි ඇය දෙරණට සම්බන්ධ වන්නෙ.

image 168

ඉතින් කවුරුත් දන්නවනේ ඇය මේ වන විට විවාහ වෙලා තමයි ඉන්නේ. ඉසුරු නම් කඩවසම් තරුණයෙක් සමග යුගදිවියට එළඹෙන ඇය සිය විවාහ මංගල උත්සවය ගනු ලැබුවේ ඉතාමත්ම සරල චාම් ආකාරයටයි. ඒ සඳහා හෝටලයක් වෙනුවට පන්සලක් තෝරා ගත් ඇය ඉතාම සීමිත පිරිසකට ඒ සඳහා ආරාධනා කොට චාම් ආකාරයට තමයි විවාහ දිවියට එළඹුණේ. ඉතිං ඒ වෙනුවෙන් ඈට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබුණා.

image 169

ඉතිං ඒ වගේම තමයි මේ දිනවල දී ඇය ඇයගේ ජීවිතේ සුන්දරම අවධියක් තමයි ගත කරන්නේ. ඒ ඇය උතුම් මව් පදවිය ලැබීමට සූදානම්ව තමයි ඉන්නේ. සිය පුංචි සිඟිත්තාගේ මුහුණ දැක බලා ගැනීමට ඇඟිලි ගනිමින් සිටින ඇය පසුගිය දවසක දී තම ආදරණීය බිළිදාගේ scan ඡායාරූපයක් පළමු වරට සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරලා තිබුනා.

image 164

Instergram ෆේස්බුක් වගේම ඇයගේ youtube channel එක හරහාත් ඇය ප්‍රසිද්ධියේම එය මුදාහැර තිබීම විශේෂත්වයක්. ඇයගේ youtube නාලිකාවේ සුන්දර සංගීත කොටසත් සමඟ එම ආදරණීය අවස්ථාව කුඩා වීඩියෝ එකක් මගින් පළ කරන්නටත් ඇය අමතක කරලා තිබුණේ නැහැ.

image 165

සචිනි එළඹෙන අලුත් අවුරුද්දේ මේ පුංචි සිඟිත්තාව බලන්න ආසාවෙන් ඉන්නවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.

ඉතින් උතුම් මව් පදවිය ලබපු මේ ආදරණීය නිවේදන ශිල්පිනියගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා සුභ පැතුම් එක් කරන අතරම නිරෝගි සම්පන්න දරුවෙක් බිහිකිරීමට හැකි වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා.

image 166