උණුසුම් පුවත්
Search
umali t

”මං විවාහ වෙන කතාව බොරුවක්” – උමාලි තිලකරත්න

1044

මෙරට රසිකයින්ගේ වැඩිම ආදරයක් ලබන රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ඇයගේ සරල, නිහතමානි ගුණය නිසාම බොහෝ දෙනෙකු ඇයට ආදරේ කරනවා…. මෙරට ප්‍රකට රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමඟ විවාහ වූ උමාලි පසුව ඔහුගෙන් වෙන්වෙනවා. ඉතින් මේ වෙනකොට ඇය තනිකඩව ජීවිතය ගතකරන්න පටන් අරගෙන වසර 05ටත් වඩා වැඩියි. පළමු විවාහයේ දික්කසාදයෙන් පසුව උමාලි තවත් විවාහයක් ගැන මෙතෙක් හිතලා නෑ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

නමුත් මෑතක දී අලුත් කතාබහක් ඇතිවෙලා තිබුනා උමාලි නැවතත් විවාහ වෙන්න සුදානමින් ඉන්නවා කියලා. 2022 අවුරුද්දේ පෙබරවාරි මාසයේ තමයි ඇයගේ විවාහය තීන්දු වෙලා තියෙන්නේ කියලයි සමාජ ජලා වල ප්‍රසිද්ධ වුණේ. ඇය විවාහ වෙන්න සුදානමින් ඉන්නේ මනෝවිද්‍යා මහාචාර්යවරයෙක් එක්ක කියලත් කිව්වා. ඒ විතරක් නෙවෙයි උමාලිගේ තාත්තා ඇයට දෙන්න කෝටි ගණනක් වටිනා ගෙයකුත් හදලා තිබූ බව තමයි ප්‍රකට වුණේ.

image 386

කොහොම වෙතත්ත් මේ වෙද්දී මේ හැමදෙයක්ම බොරු කියලයි උමාලි නම් පවසන්නේ. ඇය සඳහන් කරන පරිදි නැවත විවාහයක් කරගන්න කිසිම කැමැත්තක් නැතත් ගෙදරින් නම් ඇයට විවාහයක් සිදුකරගන්නා ලෙස පවසන බවත් කියනවා. නමුත් උමාලි නැවතත් විවහා වෙනවා කියලා කිසිම තැනක කියලා නැහැ.

15 1

කලින් දැනගන්න ලැබුන විදියට උමාලිගේ දෙමව්පියන් විසින් ගෙනාපු යෝජනවාක් මේ විදියට කරන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒකට උමාලිගේ කැමැත්තත් ලැබිලා තියන නිසා ඉකනින්ම විවාහයත් සිද්ධ වෙනවා කියලයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ පුවත පළවීමත් එක්කම සෝෂල් මිඩියා වල හැම තැනකම උමාලි ගැන පුවත් පලවෙන්න පටන් ගත්තා…. නමුත් මේ එකකවටත් ඇයගෙන් කිසිම පිළිතුරක් ලැබිලා නැහැ.

image 384

පසුව දිනක් මාධ්‍ය සාකච්චාවකට එකතු වුන අවස්ථාවකදී උමාලි කිව්වේ මෙහෙම කතාවක්…

” ප්‍රශ්න තිබුනත් නැතත් මම හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න කෙනෙක්…. දැන්නම් ජිවිතේ කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් එක්ක ජිවත් වෙනවට වඩා, ඒවා ජීවිතෙන් බැහැර කරන එක තමයි හොඳම දේ. ඉස්සරහක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නැහැ. දැන් ඉන්න මේ මොහොත තමයි මම සතුටින්ම ඉන්න කාලය…” කියලා තමයි උමාලි නම් කියන්නේ.

image 385

කොහොම නමුත් මේ වෙනකොට ඇය මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙන් ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකරමින් කලා කටයුතු වලටත් කාලය වෙන් කරමින් කාලය ගත කරන බවයි දැනගන්නට ලැබුනේ.

11 3
image 382
image 383
02 2



Leave a Reply

Your email address will not be published.