රටම හඳුනන අපේ රටේ නවක පරපුරේ රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියන්නේ. ගීත සඳහා රූප රචනා ද ඇය බොහෝ සෙයින් පෙනී සිටිනවා.
එක පාරක් සියත රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ කලා තරු අවුරුදු උත්සවකදී සිදු වූ සිදුවීමක් ගැන මෑතකදී ඇය සිහිපත් කර තිබුණේ මෙලෙසින්.
”කණා මුට්ටි බිඳින තරගය බලාගෙන ඉන්න කොට ඒ ගහපු කෙනාගේ පොල්ල ඇවිල්ලා මගේ අතේ වැදුණා….. අම්මෝ අනූනවයෙන් මම බේරුණේ එදා. හැබැයි ඉතින් අත නම් උලුක්කු වෙලා තිබුණා. සතියක් විතර ප්‍රතිකාර කරලා තමයි ආයෙත් යථා තත්ත්වයට අත හොඳ කරගත්තේ.
හැබැයි ඒ සිදුවීම ගැන අදටත් මට හිතන කොට ලොකු බයක් හිතට දැනෙනවා. ඒ කෙනා කණා මුට්ටියට ගහපු පාර ඒ තරම් වේගවත්. ආයේ නම් කණා මුට්ටි ගහන පළාතක මම ඉන්නේ නැහැ කියලා හිතාගත්තා…” කියලා තමයි ඇය සඳහන් කරන්නේ.