දුම්රිය ප්රවේශ පත්ර සහ බඩු ප්රවාහන ආදායම් වලින් රුපියල් ලක්ෂ 07 පමණ මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ඉකුත් දා සිට වැඩ තහනමකට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් කියා සිටියා.