පාසල් නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මීට පෙර අමාත්‍යංශය නිවේදනය කරනු ලැබුවේ ජුලි 21වන බ්‍රහස්පතින්දා දින යළි පාසල් ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාසල් යළි ආරම්භ කිරීම ජුලි මස 25 වන සඳුදා දින සිදුකිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති අතර, ඒ අනුව සියලු පාසල්වල අධ්‍යන කටයුත සිදු කිරීමට තීරණය කර ඇත.
