රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩු වී සීගිරිය සංචාරක කලාපය දැඩි පාලු ගොස් ඇති අයුරු එහි කළ සංචාරයකදි දැකගත හැකි විය.
විදේශිකයනට ආහාර පාන ලබාදුන ඇතැම් සංචාරක නිකේත නවල ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු ද දැකගත හැකියි.
එමෙන සංචාරක මඟ පෙන්වන්නන් ත්‍රීරෝද රථ ප්‍රවාහන සපයන්නන් සීගිරිය ඉදිරිපිට වී තවත් ගල් උඩ ඔවුන් වාඩිවී කාඩ් සෙල්ලම් කරන දසුන් ද සීගිරියේ මේ දිනවල දැක ගැනීමට හැකි විය.


විදේශිකයන්ට ආහාරපාන ලබා දුන් ස්ථාන පාළුවට ගොසිනි එමෙන්ම කාමර කුලියට ලබාදුන් ස්ථාන ඔරු සෆාරි කරත්ත සෆාරි අලි සෆාරි ගිය අය ද එම කරත්ත වලට බදින සතුන් අලින් නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව පෙන්වා දෙති.

කාංචන කුමාර ආරියදාස
Source – Lankadeepa