රජයේ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවනතාව මේ වන විට වැඩිවෙමින් පවතින බවත් ඒ අනුව වයඹ පළාතේ පමණක් සතියකට 10 දෙනකුට වැඩි පිරිසක් මෙසේ රට හැර යන බවත් කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයකු පැවැසීය.
එම ප්‍රවනතාවට එක්වෙමින්, බිංගිරිය, තිසෝගම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ (ග්‍රාමීය රෝහලේ) එකම වෙද්‍යවරිය ද රට හැරයාම නිසා එම ප්‍රතිකාර මධ්‍යස්ථානය මේ වන විට සති ගණනක් වසා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ හේතුවෙන් බිංගිරිය, කොළමුණු ඔයෙන් එගොඩ දුෂ්කර ගම්මාන රැසක පවුල් දහස් ගණනකට හදිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට මෙන්ම විවිධ සායන සඳහා සහභාගී වීමට ද නොහැකිව තිබෙනවා.
බිංගිරිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, උපාලි අමරසිංහගෙන් කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දැනුවත් කර ඇති අතර ළඟදීම එම ඒකකය සඳහා වෛද්‍යවරයකු පත්කර එවීමට කටයුතු කරන බවත්, එතෙක් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් අවශ්‍ය සායන කටයුතු පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
බිංගිරිය – සෝමසිරි ඒකනායක
Source – Divaina