ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ වූ 1979 වසරේ සිට අද දක්වා මෙරට ජනතාවට ලබාදී ඇති ණය ප්‍රමාණයෙන් අයකර ගැනීමට තිබෙන සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10ක් බව නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති ණය මුදල් අයකර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බව සඳහන්.
මාසිකව රුපියල් මිලියන 300ක ණය මුදල් අයකර ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
මාසිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයකර ගත යුතු ණය මුදල රුපියල් මිලියන 563කි. මාසිකව අයකර ගත යුතු මුදල රුපියල් මිලියන 563ක් වුවද පසුගිය ජූලි මාසය වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයකර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් මිලියන 127ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 23%ක් පමණ වන බවද අනාවරණය වී තිබේ.
2015 – 2019 කාලයේදී එම අධිකාරිය සතු සියලු වත්කම් හා මුදල් භාවිත කරමින් ණය ලබාදී තිබූ අතර, එම ණය සම්පූර්ණ වාර්තක ලබානොදීම හේතුවෙන් අයකර ගැනීමේ ගැටලු මතුව තිබීම මෙම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් බව එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක ප්‍රකාශ කළේය.
ඊට අමතරව කෝවිඩ් වසංගතය, ආර්ථික ගැටලුව හා රටේ පැවැති දේශපාලන අස්ථාවරත්වය මෙම ණය අය කර ගැනීම අවම වීමට හේතුවී ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳ පැවැති සාකච්ඡාවකදී එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි සඳහන් කළේය. ණය අයකර ගැනීම සඳහා ඉදිරි කාලයේදී දිස්ත්‍රික් කළමනාකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
ණය වාර්තක නිසි අයුරින් එකතු කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුවහොත් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මාසිකව රුපියල් මිලියන 300ක ණය වාරික අයකර ගැනීම අධිකාරීයේ ඉලක්කය බවත්, එය අනිවාර්ය බවත් සභාපතිවරයා පැවසීය.ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම්වල අනවසර පදිංචිකරුවන් හා අනවසර ඉදිකිර්ම සිදුකිරීම රැසක් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බවත් සභාපතිවරයා පවසා සිටියේය. ඒමෙම නුවර හෝටලයක සාදයක් පැවැත්වීමට අධිකාරිය කටයුතු කර ඇතැයි පළව තිබූ මාධ්‍ය වාර්තද සභාපතිවරයා ප්‍රතිෂ්ප කළේය.
(නවෝද්‍යා පවනි)