උණුසුම් පුවත්
Search
samanala ground

ගාල්ලේ සමනල ක්‍රිඩාංගණය රථ ගාලක් කරන්නට ගෙන ආ යෝජනාව කුණු කුඩයට

112

ගාල්ල කොටුව ආශ්‍රිතව ඇති වන වාහන තදබදයට පිළියමක් ලෙස ගාල්ල සමනළ ක්‍රීඩාංගනයෙන් කොටසක වාහන නැවැත්වීම සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළ යෝජනාව ඉවත දැමිමට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන නියෝග කර තිබේ.

ඉකුත් 26 දින ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවති කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ මෙවැන්නක්.

”ගාල්ල සමනළ ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට මෙන්ම ඔවුන්ගේ දු දරුවන්ට තමන්ගේ නිදහස් කාලය ගත කිරීම වෙනුවෙන් ඇති සුවිශේෂි ස්ථානයක්…. ඒ නිසා වාහන තදබදය අවම කිරීමට එය භාවිත නොකර වෙනත් විකල්පයක් ලබාදෙන්න…” යනුවෙන් සභාපතිවරයා කමිටුවට දැනුම් දී තිබෙනවා.