උණුසුම් පුවත්
Search
flour

ආනයනික තිරිඟු පිටි මිල අඩු කරයි

247

ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 85කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසනවා.

ආනයනික තිරිඟු පිටි කිලෝවක වර්තමාන තොග මිල ලෙස පැවතියේ රුපියල් 375කි.

එය රුපියල් 290ක් දක්වා පහත දමන බවත් එම මිල පහත දැමීම අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කර සිටිනවා.

නමුත් ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ප්‍රධානම ආනයනකරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් මේ දක්වා පිටි මිල අඩු කරන බවට නිවේදනය කර නොමැත.