උණුසුම් පුවත්
Search
MILK Powder

ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළට

80

ආනයනික කිරිපිටි මිල රුපියල් 100කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනික සමාගමක් පියවර ගෙන තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,240ක් දක්වා ඉහළ දමා ඇති බවත් මිල ඉහළ දැමූ කිරිපිටි පැකට් මේ වන විටත් වෙලෙඳපොලේ ඇති බවත් කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙක් පැවසීය.

කිරිපිටි ආනයනික සමාගම් රැසක පසුගිය මාසයක පමණ කාලය තුළ තොග නොතිබුණු බවත් එම කාලය තුළ තොග පැවැති සමාගම් මෙම ඉහළ දැමීම ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය කිරිපිටි නිෂ්පාදකයන් ද මීට සති 02කට පමණ පෙර ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමූ අතර එම කිරිපිටි පැකට්ටුවක වර්තමාන මිල රුපියල් 1,150 කි.

(යොහාන් භාසුර)