බිත්තරයක මිල රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම මිල අඩුකිරීම අගෝස්තු 22 වනදා (සදුදා) සිට ක්රියාත්මක කිරීමට නියමිත බව ද ඔවුන් සඳහන් කරනු ලබනවා.
කෙසේ වෙතත් මේ වන විට බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවනු ලබනවා.
විවිධ ප්රදේශයන් අනුව බිත්තර මිල වෙනස් වන බව දැනගන්නට ලැබෙනවා.
ඊයේ (18) දින වන විට බිත්තරයක තොග මිල ලෙස සඳහන් වූයේ රුපියල් 57කි.