උණුසුම් පුවත්
Search
samitha

”ප්‍රංශේ ජනාධිපතිටත් අපේ ප්‍රශ්නෙමයි තියෙන්නේ, එහේ අයට වැඩ තියෙන නිසා ඕවා හොය හොයා ඉන්න වෙලාවක් නෑ” – සමිතා මුදුන්කොටුව

689

ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව සිය පවුලේ විස්තර ගැන සතිඅන්ත පුවත්පතකට දැක්වූ අදහස් පෙළක උපුටා ගැනීමකි.

”සතුට කියන දේ අපි විසින්ම හොයාගන්න ඕනේ. එහෙම නැතුව වෙන අය අපිව සතුටු කරනකම් අපිට ඉන්න බැහැ. මම සාමාන්‍යයෙන් කාගේවත් සතුටක් බලාගෙන මගේ සතුට ඇති කර ගන්න කෙනෙකුත් නෙවෙයි. මම හැමවෙලාවෙම කවීට සහ ශේන්ට කියලා තියෙන්නේ අපි සතුටින් ඉමු….. එතකොට අපිට වැඩක් නැහැ අනිත් අය මොනවා කිව්වත්. අපි සතුටින් ඉඳලා තමයි ජීවිතය ගෙනියන්න ඕනේ. මොකද අපි කාගේවත් දේවල් හොයන්නෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ. එතකොට ඉබේම සතුට ලැබෙනවා…..

May be an image of 1 person, smiling and grass

මගේ දුව කවී එක සැරයක් කියලා තිබ්බා මම ඉස්සර අම්මිව හැමදාම දකින්නේ ගේ ඇතුළට වෙලා ඉන්න කෙනෙක් විදියට කියන එක. ඒ කියන්නේ මම එළියට බහින්නේ නැහැ, දරුවෝ දෙන්නා එක්ක ගෙදරට වෙලා ජීවත් වුණේ. ඒ නිසා කවී කියලා තිබ්බා දැන් එයා ගොඩක් සතුටුයි. මොකද අම්මි එළියට යනවා. ඒ කියන්නේ ගෙදරින් එළියට බහින එකත් ලොකු සතුටක්නේ. ඉතින් දැන් අපි හරි සතුටින් හතර දෙනාම බය නැතුව එළියට යනවා. මොකද දැන් අපිට පවුලක් තියෙනවනේ. ඒ සතුට ගෙනාවේ චිරන්ත.

ගොඩක් අය හිතනවා වීඩියෝ වලට විතරයි අපි මෙහෙම ඉන්නේ කියලා. ඒ වුණාට අපිව ළඟින් ආශ්‍රය කරන කට්ටිය දන්නවා අපි මේ විදියටමයි සැබෑ ජීවිතේ ඉන්නෙත්, ඒ සැබෑ ජීවිතේම තමයි වීඩියෝ වලින් දකින්න ලැබෙන්නේ කියන එක. එහෙම නැතුව මිනිසුන්ට මවාගෙන පේන්න ඉන්න අය නෙවෙයි අපි…..

No photo description available.

මුලින්ම මම දකින්නේ චිරන්තගේ ටික්ටොක් එකක්. ඒක දැක්කම තමයි මම මේ කවුද කියලා හොයන්න ගත්තේ….. ඒ ටික් ටොක් වීඩියෝ එක මම දකින්නේ අපේ දක්ෂ ආදරණීය නර්තන ගුරුවරයෙක් වන ගයාන් ශ්‍රීමාල්ගේ වට්ස්ඇප් ස්ටේටස් වල. ඉතින් මම ගයාන් මල්ලිගෙන් ඇහුවා මේ කවුද කියලා. ඊට පස්සේ එයා තමයි මට කිව්වේ මෙයා හරිම ලස්සනට ටික්ටොක් කරන කෙනෙක් කියලා. ඊට පස්සේ මම කිව්වා මම හරි ආසයි එයා එක්ක කතා කරන්න කියලා. එහෙම තමයි මේ සම්බන්ධකම ඇති වුණේ……

May be an image of 1 person

මටයි මගේ ළමයි දෙන්නටයි වචන වලින් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් චිරන්තගෙන් ලැබෙනවා. පසුගිය දවස්වල මම කවී සහ ශේන් අපි තුන්දෙනාටම උණ හැදිලා නැගිටගන්නවත් බැරුව හිටියේ….. ඇත්තටම කියනවා නම් චිරන්ත අපිව බලා ගත්ත විදිය එක්ක මට තව මොනවද එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක පවා හිතුණා…. අපි සාමන්‍ය විදියට ජීවත් වෙන අය. අපිට ආදරය, රැකවරණය ලැබෙනවා නම් තව මොනවද ඕනේ. ඇත්තටම ඒ දේ චිරන්තගෙන් උපරිමයෙන් ලැ‍බෙනවා…

වැඩිපුරම කරන්නේ අපි හතර දෙනාම එකතු වෙලා කෑම හදන එක. ඊට පස්සේ හවස් වෙනකොට හතර දෙනාම පොඩි රවුමක් දාලා ඇවිදලා එන්න යනවා. එහෙම සතුටින් තමයි අපි හතර දෙනාම ජීවිතේ ගෙවන්නේ. ගෙදර අය එක්කම ජීවත් වෙද්දී අනිත් අය කියන දේවල් ආදාළ වෙන්නේ නැහැ.

May be an image of 2 people, people standing, lake and tree

සමාජයේ ඔය අනම් මනම් කතා කියන්නේ ගොඩක් අය නෙවෙයි. ගොඩාක් අය අපිට ආදරේ කරනවා. ඔය අපිට ඇද කියන්නේ මොකක් හරි අඩුවක් තියෙන අය. ඒ කියන්නේ හරි ආදරයක් ලබන්නේ නැති, ලස්සන පවුල් ජීවිතයක් නැති අය තමයි ඔය කතා හදන්නේ. සාමාන්‍යයෙන් හොඳ පවුල් ජීවිතයක් ගත කරන වැදගත් විදියට ජීවත් වෙන අය අනම් මනම් කියන්නේ නැහැ. මොකද එයාලගේ සතුට එයාලා ගාව තියෙනවනේ. සතුටක් නැති අය තමයි අනිත් අයගේ සතුට දිහා බල බල හිනාවෙවී ඇද හොය හොය ඉන්නේ.

කෙටියෙන්ම කියනවා නම් චිරන්ත ඇත්තටම හරිම හොඳ කෙනෙක්. කාලයක් ගිහින් හරි මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබුණා. කට්ටියටම ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ වයස. හැබැයි ඔය කතා වෙන අය අපේ වයස් ගැන හරියටම දන්නෙත් නැහැ. එතකොට අපේ හරි වයස දැනගත්තත් ඒ අයට ප්‍රශ්නයක් ඇති කර ගන්න හේතුවකුත් නැහැ. හේතුව ඒ අයගේ කවුරුත් මම අරගෙනත් නැහැ. චිරන්ත කාටවත් අයිතිවෙලා ඉඳලා නෙවෙයිනේ මම ගත්තේ. ප්‍රංශයේ ජනාධිපතිටත් මේ ප්‍රශ්නයම තමා තියෙන්නේ. හැබැයි එහෙ අයට වැඩ තියෙන නිසා වයස ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැහැ.”

No photo description available.

සංවාද සටහන – අනුෂා රණසිංහ (රසඳුන)