උණුසුම් පුවත්
Search

”පාර්ලිමේන්තුවේ බලය කපුටා අතේ” – උදය ගම්මන්පිල

8

පාර්ලිමේන්තුවේ බලය මේ මොහොතේ කපුටා අතේ තිබෙන බව පිළිගන්නා නමුත් 21 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුවත් රටත් කපුටු ග්‍රහණයෙන් මුදවා ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

දැන් කළ යුත්තේ බලයේ සිටින්නේ කවුරු වුවත් ඒ අයට සහයෝගය ලබා දී පක්ෂ දේශපාලනය පසෙකින් තබා රට මේ වන විට වැටී ඇති නරාවළෙන් ගොඩගැනීම බව ඊයේ (30) කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

ගෝඨා ගෝ හෝම්, රනිල් ගෝ හෝම්, දෙසිය විසි පහ ගෝ හෝම්, යනුවෙන් පැවසීම පසෙකින් තබා රට ගොඩනැගීමට සියල්ලෝම පෙරට පැමිණිය යුතු බව මන්ත්‍රිවරයා පවසා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මෙසේ ද ප්‍රකාශ කර සිටියා.

”කවුද හොඳ කවුද නරක කියල දැන් තීරණය කර කර ඉන්න වෙලාවක් නොවෙයි මේක, රට ගොඩ අරගෙන ඊට පස්සේ ඒකට අපි මැතිවරණයක් තියමු. එතකොට බලාගන්න පුළුවන් ජනතාව තීරණය කරන පුද්ගලයන් කවුද කියලා මේ රටට වැඩක් කරන්න පුළුවන් කියලා. ලබන මාසේ මිනිස්සු බෙහෙත් නැතුව මැරෙන්න යාවි, ළමයින්ට කන්න නැතුව යාවි මේ ගැන හිතන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කාරක සභා වලට මූල්‍ය බලය අධීක්ෂණ බලය ලබාදීමට අපි එකඟ වෙනවා. ඒ වෙනුවෙන් අපි සහාය පළ කරනවා. සමහරු ආර්ථික ප්‍රශ්න නැහැ වගේ හැසිරෙනවා ඒ අයට බඩ පිරින්නේ මෙහෙම ශෝධන වලින්”

අශිකා ජයවීර




Leave a Reply

Your email address will not be published.