උණුසුම් පුවත්
Search
Untitled design 3

” මාව බඳින කෙනා ඉස්සෙල්ලම මගේ ගෙදර අයගෙන් අහලා එන්න ඕනේ ” – නෙත්මි රොෂෙල්

197

පුංචි තිරයේ සිටින සුරංගනාවියක් වගේ ලස්සන හුරු බුහුටි රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ. දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ ආක්ෂා ලෙසින් තමයි තවමත් ඇයව හඳුන්වන්නේ. කෙටියෙන්ම කියනවානම් ඇය රංගනයෙන් දායක වුන පලවෙනි තත්පර කිහිපයක කොටසෙන්ම රටේම ආකර්ෂණය ලැබුනා. ඒක ඇයට ලැබුන වාසනාවක්, ඉතින් මේ විදියට රටේම ආදරේ දිනාගත් නෙත්මි පුවත්පත් සාකච්චාවකට එකතු වෙමින් කියලා තිබුනේ මෙහෙම කතාවක්.

Nethmi Roshel Rogers 14

මගේ ජිවිතේ වෙනස්ම පැත්තකට යොමුවුණේ 2019 අවුරුද්දේ ජාතික රුපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට සහභාගී වීමත් එක්කයි. ඒ ඔස්සේ සක්කාරං ටෙලිනාට්‍යයේ රඟපාලා සාමාන්‍ය මට්ටමකට ජනප්‍රිය වෙද්දී දෙවනි ඉනිම ටෙලිනාට්‍යට එකතු වෙන්න ආරාධනා ලැබුනා. ඇත්තටම ඒක අදහගන්න බැරි තරම් සතුටක් දැනුන වෙලාවක්. මමත් හරිම ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබෙනවා කියන්නේ මොනතරම් සතුටක්ද.

IMG 8710 copy

හැබැයි මටත් වඩා මාව නිලියක් කරන්න ආසාව තිබුනේ මගේ අම්මාට. තාත්තානම් මම කළා ක්ෂේත්‍රයට එනවාට කැමැත්තක් තිබුනේ නැහැ. අවුරුදු කුමරිය තරඟයට යද්දිත් තාත්තා කිව්වා ඕවට ගියාට කමක් නෑ. රඟපාන්න යන්න එපා කියල. අම්මා තරුණ කාලේදී ආසාවෙන් ඉඳලා තියනවා රඟපාන්න. ඒකාලේ අම්මලාගේ දෙමව්පියෝ එකට අකැමති වුන නිසා මාව ඒ තැනට ගෙන්න එයාට ඕන වුනා.

81103527 602468287234641 4096068738225933312 n 880x1100 1

තාත්තානම් දිගටම කිව්වා පුළුවන් තරම් අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යන්න එතකොට නංගියි මල්ලියිත් ඔයාගේ අඩිපාරේ යනවා කියලා. ඉතින් මම රන්ගනයට ආවට අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තේ නැහැ. මොනදේ කලත් හොඳින් ඉගනගන්න ඕන කියලා මමත් දැනගෙන හිටියා. මේ ක්ෂේත්‍රය තුල හොඳින් ඉන්නවානම් හොඳ ගමනක් යන්න පුලුවන්.

vtr 4 420px 1

මට අයුතු යෝජනානම් ඇවිත් නැහැ, ආදර යෝජන නම් එනවා ඒක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මම ආස නැහැ නිකන් ආදරේ කරලා මගදී ප්‍රශ්න ඇති වෙනවට. ඒ නිසා මට ආදරේ කරන කෙනා කසාද බඳින්නම ඕන කියලා මම කියන්නේ. අනික මට වගේම මගේ ගෙදර අයවත් දැනුවත් කරලා කියන්න ඕන. ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් මගේ ගෙදරින් අහන්න එනවානේ.

vtr 10