උණුසුම් පුවත්
Search
maheshi

”මම යාළුවෙලා හිටපු කෙනාට වෙන සම්බන්ධයක් තිබ්බා” – නොකියූ කතාව ගැන මහේෂි කියයි

202

අපේ කලා ලෝකය තුළ ආදරණීයම කලාකාරිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. මහේෂි ගැන කතා කරද්දි ඇය සිනමාව, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ දෙකම නියෝජනය කළා.

මේ වෙද්දි ආදරණීය දියණියකගේ සහ පුතෙකුගේ මවක් වන මහේෂි ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්න කවුරුත් දන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මහේෂිගේ ආදරණීය සැමියා එමිරේට්ස් හි ගුවන් නියමුවරයෙක්. මේ වෙද්දි නම් මමහේෂි තරමක් කලා කටයුතු වලින් ඈත් වෙලා ඉන්න බවක් තමයි දකින්නට තියෙන්නේ. ඒ වගේම ඇය විදෙස් සංචාර ගණනාවක නිරත වෙන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

May be an image of 1 person and wedding

ලංකාවේ ගුවන් සේවයෙන් අයින් වෙලා මහේෂිගේ ආදරණීය සැමියා විදෙස් රටක ගුවන් සේවයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න සූදානම් නිසා ඇය ලංකාව දාලා යන්න සූදානම් කියලත් කලකට කලින් කියලා තිබ්බා… කොහොම නමුත් මහේෂිගේ සියලු සම්බන්ධතා වලට පස්සේ ඇයව තේරුම් ගත්ත ආදරණීය සැමියෙක් ඇයට හම්බවෙනවා. ඔහු තමයි මේ වන විට ඇගේ ආදරණීය සැමියා වන සම්පත්. ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්…..

May be an image of 3 people, beard and people smiling

“මම යාළුවෙලා හිටපු කෙනාට වෙන සම්බන්ධයක් තිබ්බා. ඒ කෙල්ලගේ හස්බනුත් ඒ සම්බන්ධය දන්නවා….. එහෙම කවලමේ ගිය සම්බන්ධතාවයක් තමයි මට තිබුණේ. ඒ බෝයිෆෙන් මට කියනවා එයත් මට ආදරය කරනවා, ඔයත් මට ආදරේ කරනවා කියලා. නමුත් ආදරය කරද්දී ආදරේ බෙදාගන්න කැමති නෑනේ. නමුත් මං එයාට දැඩි ලෙස ආදරය කළා…. මම හිතුවා ඒක තමයි ආදරේ කියලා. හැබැයි සම්පත් හම්බවෙලා අවුරුද්දක් දෙකක් යද්දි ඇත්ත ආදරේ මොකක්ද කියලා මම දැන්ගත්තා එයාගෙන්.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

May be an image of 2 people and helicopter

May be an image of 2 people and wedding

May be an image of 3 people and aircraft