උණුසුම් පුවත්
Search
pool

ජනපති මන්දිරයට ඇතුළු වූ පිරිස පිහිනුම් තටාකයේ බැස විනෝද වෙයි

72

මීට ටික වෙලාවකට පෙර කොළඹට පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමට සමත් වුණා.

විශාල පිරිසක් එහි රැඳී සිටින අතර තවත් විශාල ජනකායක් ඒ දෙසට පැමිණෙමින් සිටිනවා.

මන්දිරය අත්පත් කරගත් පිරිසෙන් කොටසක් එහි ඇතුළත පිහිටා ඇති පිහිනුම් තටාකයේ බැස විනෝද වෙමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම විරෝධතාවයට දායකත්වය ලබාදීමට ගෝල්ෆේස් අරගල භූමියේ, චැතම් වීදියේ සහ ප්‍රධාන නගර රැසක ජනකාය රැඳී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් පා ගමනින් කොළඹ කරා ඇදෙමින් සිටිනවා.




Leave a Reply

Your email address will not be published.