උණුසුම් පුවත්
Search
omicron

ඔමික්‍රෝන් උප ප්‍රභේදයෙන් හෘද සෛල වලට හානි වන බව හෙළිවෙයි

139

කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛල වලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති.

‘බී.ඒ.5’ වයිරසය සම්බන්ධයෙන්, පෘතුගාල වෛද්‍ය පර්යේෂකයන් පුළුල් පර්යේෂණ කිහිපයක් සිදු කර ඇති අතර, ඔවුන් මේ වන අනාවරණය කරගෙන ඇත්තේ ඒ අනුවය.

පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,337,121 කි. මරණ වාර්තා වන්නේ 24,587 ක් ලෙසය. සුවය ලැබූ ගණන 4,237,853 කි.

‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, රෝහල්ගත කිරීමට සිදුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අවම කිරීමටත් ‘ඔමික්‍රෝන්’ සමත් වූ නමුත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් බිහිවුණු උප විකෘති බිහිසුණු ස්වරූපයක් ගෙන තිබේ.

මේ වනවිට ලොව නන්දෙසින්‘ කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේද හේතුවෙනි.

උප ප්‍රභේද කීපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර එයින් බිහිසුණු උප ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ‘බී.ඒ.5’ ය.

රෝහල් ගත කෙරෙන ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින්නේත් වැඩි වැඩියෙන් මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේත් ‘බී.ඒ.5’ උප විකෘතියේ බලපෑම නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.

මේ වනවිට ලොව සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 579,780,429 කි.

සමස්ත මරණ වාර්තා වන්නේ 6,414,615 ක් ලෙසය.

‘කොවිඩ් 19’ ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 549,638,534 කි.




Leave a Reply

Your email address will not be published.