උණුසුම් පුවත්
Search
id

ජාතික හැදුනුම්පත අලුත් වෙයි

345

ශ්‍රී ලාංකිකයන්ගේ ජීව මිතික දත්ත ඇතුළත් කර ඩිජිටල් හැඳුනුම්පත් රාමුව සැකසීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා දැනට භාවිත කරන්නේ ජීව දත්ත පමණයි. ජීව දත්ත වලට අපි එකතු කරන්න ඕනා ජීවමිතික දත්ත. උදාහරණයක් හැටියට අපි ඇඟිලි සලකුණු, ලේ පිළිබඳ විග්‍රහ වෙන්න පුළුවන් මුහුනේ ප්‍රතිබිම්බ ඊළඟට අයිරිෂ්. මෙන්න මේ වගේ ඒවා තමයි අපි ජීවමිතික දත්ත හැටියට හඳුන්වන්නේ. ඉදිරියේදී ඇත්තටම අපි අර ජීව දත්ත වලට අපි මේ ජීවමිතික දත්තත් එකතු කරලා ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම අපි ආරම්භ කරනවා. දැනට ඒක ඉන්දියානු ආධාරයක් යටතේ දැන් ඒ ව්‍යාපෘති සියල්ල සැලසුම් කරලා දැන් සැපයුම්කරුවන් තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට ඔබ මම අපි සියලු දෙනා මේ නැවත ලියාපදිංචි කිරීමට ලක් කළ යුතුයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *