කාලයක් පුංචි තිරයට නැතිවම බැරුව හිටපු දඟකාර රූමතියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. විවාහ වීමෙන් පසු ඇය රංගනයෙන් සමුගත්තා. නමුත් සමාජ ජාල තුළ තුල ඇයට හිමි රසික ප්‍රසාදය සහ රසිකයන්ගේ ආදරය නම් අඩුවක් වුණේ නැහැ.මේ දවස් වල වත්සලා මොනවද කරන්නේ මොනවද වෙන්නේ…? අලුත් අවුරුද්දේ ආයෙත් රඟපාන්න එනවද… ඉස්සරහ සැලසුම් මොනවාද? ආදී නොයෙක් විස්තර සති අන්ත පුවත්පතක් එක්ක ඇය පවසල තිබුණේ මෙන්න මෙහෙම.
ජීවිතේ මේ දවස් වල මොකද වෙන්නේ ”මේ දවස්වල කියන්න තරම් ලොකු වැඩක් නම් නැහැ. මෑතකදී ටෙලි නාට්‍යය මුකුත් කරෙත් නැහැ. සාමාන්‍ය විදියට ජිවිතේ ගත වෙනවා. ඒ අතරතුර ලැබෙන රූපවාහිනී වැඩසටහන්වලට යනවා.” ඉස්සරහට ආයෙත් රඟපාන්න අදහසක් නැද්ද කියලා අහපු ප්‍රශ්න වලට ඇය මෙන්න මෙහෙම උත්තරයක් දීලා තිබුනේ.”ඇත්තටම දැන් නම් ආසාවක් තියෙනවා ආපහු රඟපාන්න එන්න. මම අවුරුදු හතරකින් රඟපාලා නැහැ. ඒ නිසා අවුරුද්දකට එක නාට්‍යකවත් රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.”

රසිකයන්ගේ ආදරය පිළිබඳව වත්සලාගේ අදහස මෙන්න මෙහෙම වුණා…”ඒක තමයි තියෙන විශේෂත්වය. මම ගොඩක් නාට්‍යය රඟපෑවේ නැති වුණත් මිනිසුන්ට මගේ නම කිව්ව ගමන් මතකයට එන චරිතයක් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන නම් මට ලොකු සතුටක් තියෙනවා. ඒ හදා ගත්ත නම තමයි අපිට කවදා හරි වටින්නේ. මම නිර්මාණ ගොඩක් කරලා නැහැ. නමුත් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් චරිත මම කරලා තියෙනවා. ඒ නිසා තමා ප්‍රේක්ෂකයන් තවම මට ආදරේ.”
පුද්ගලික ජීවිතය කියන ඇය ප්‍රකාශ කරලා තිබුණේ මෙන්න මෙහෙම අදහසක්…පෞද්ගලික ජීවිතේ ගැන ගත්තොත් දුවට දැන් අවුරුදු 9ක් වෙනවා. නම හිතෛෂී වෙනායා ගුණසිංහ එයා ඉගෙන ගන්න දක්ෂයි. ඒ වගේම කලාව කියන දේ එයාට උපතින්ම ලැබිලා තියෙනවා. ඒ හැමදේම එයාගේ තාත්තාගෙන් සහ මගෙන් ලැබෙන්න ඇති. ඒ නිසා ලස්සනට සින්දු කියන්න, නටන්න වගේම චිත්‍ර වලටත් දක්ෂයි. ඒ දක්ෂතා මම දකිනවා. හරි සතුටින් ඒ දේවල් බලාගෙන ඉන්නවා.

වත්සලා ගේ සිනමාවට ඇති කැමැත්ත පිළිබඳව හා ලැබූ ඉඩ පිළිබඳව මෙන්න මෙහෙම කතාවක් කිව්වේ…සිනමාවට නම් මට ඇත්තටම හරිම අඩුවෙන් තමයි ආරාධනා ලැබුණේ. ආරාධනා ලැබුණු කාලෙත් මට ඒවාට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණෙත් නැහැ. ඇත්තම කිව්වොත් සිනමාව මඟ හැරුණා. ඉදිරියේදී නම් මට හිතෙනවා ලැබෙන ආරාධනා එක්ක වැඩ කරගෙන ඉන්න පුළුවන් කියලා
වත්සලා හැමදා ලස්සනට ඉන්න රහස් ….ඒ ගැන නම් හැමෝම කියනවා. ඒක හැබැයි ආවට ගියාට නිකම්ම ලැබෙන දෙයක් නෙවෙයි. මම හැමදාම මං වෙනුවෙන් ගොඩක් කැපවෙනවා. මාත් ආසයි හැමදාම ලස්සනට ඉන්න. ව්‍යායාම කරනවා. කෑම බීම වුණත් පාලනයක් ඇතුවයි ගන්නේ. විටමින් ගන්නවා. හැම මොහොතකම පිරිසිදුව පිළිවෙළට ලස්සනට ඉන්න උත්සාහ කරනවා. මහත්තයාගෙන් ජීවිතේට ලැබෙන සහයෝගය…මගේ සැමියා ප්‍රසංගක් මේ ක්ෂේත්රයේම ප්‍රවීණයෙක්. ඔහුගේ විරුද්ධත්වයක් නැහැ. මම පෞද්ගලික ජිවිතේ වෙනුවෙන් අවශ්‍යම කාලේ අවශ්‍යම දේවල්වලට කැපකිරීම් කරලා ඒ වෙනුවෙන් මුල් තැන දීලා වැඩ කරලා තියෙන නිසා. කොහොම වුණත් මම රංගන ජීවිතයයි පවුල් ජීවිතයයි සමබරව ගෙනියන්න උපරිම උත්සාහ කරනවා.
