උණුසුම් පුවත්
Search
Untitled design 6

” මන්ත්‍රීවරු තමයි මට ගොඩක්ම කරදර කරන්නෙ ” – නදුනි කරුණාතිලක

129

නදුනි කරුණාතිලක කියන්නේ රංගන ක්ෂේත්‍රයට ආධුනික රංගන ශිල්පිනියක් වුවත් කිසිදු ආධුනික බවක් නොපෙන්වා ඇය ටෙලි නාට්‍ය සඳහා සිය රංගන හැකියාව විදහා දක්වනවා. ඒ නිසාම තමයි බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිරිසක් ඇය වටා එක් රොක් වී සිටින්නේ. ඇයගේ සැමියාත් රංගන ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරගෙන යමින් සිටින කාගේත් ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙක්. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ පාවෙලා වලාකුලේ ටෙලි නාට්‍යයේ දේවකගේ චරිතය සඳහා රංගන දායකත්වය ලබා දුන්නේ ඔහුයි. මෙම නළු නිළියන් දෙපළම පාවෙලා වලාකුලේ ඒවිද අම්මා ටෙලි නාට්‍ය ඔස්සේ තමයි වැඩිම රසික ආකර්ෂණයක් දිනා ගනු ලැබුවේ.

83993982 102186184686795 5846717883165442048 n

ඇය ජීවත් වන්නේ නුවර ප්‍රදේශයේ වන අතර ඇය ඉගෙන ගනු ලැබුවේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයෙන්. ඇයට නංගිලා දෙන්නෙක් සිටින අතර නංගිලා දෙන්නා තවම අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් ඇය මේ වන විට මුළු ලංකාවම ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගන ක්ෂේත්‍රය තුළට ප්‍රවිෂ්ට වීම පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ මෙවැන්නක්.

84493729 102186078020139 1922552426842292224 n

‘දෙවෙනි ඉනිමේ මාලිකාගේ චරිතයෙන් තමයි මට රඟපාන්න මුල්ම අවස්ථාව ලැබුණෙ. ඒ දෙවෙනි ඉනිමේ ඇඳුම් නිර්මාණය කරන චමිත් සුලක්ෂණ අයියාගෙ දැනහැඳුනුම්කම මතයි. ඊට පස්සෙ පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේම අධ්‍යක්ෂකවරයා වන දිලුප් සුදර්ශන මහත්මයගෙ ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. ඊට පස්සෙ පාවෙලා වලාකුළෙහි නිරාශාගෙ චරිතය ලැබුණා.මම පාසල් වියේ පටන්ම සංගීතය තමයි හැදෑරුවේ. ඒ අනුව මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. ඔය අතරේ තමයි නාට්‍ය පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබුණෙ. මට රඟපාන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියෙ නැහැ.’

83820726 102186111353469 2734065692599910400 n

‘ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ මම ආලෝකාගේ චරිතය තමයි රඟපාන්නේ. පාසල් ගුරුවරියක් ලෙස රඟපාන නිසා වයස් භේදයකින් තොරව හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි ඉතින් ආලෝකාට පාසලේ ගුරුවරුන්ගෙන් කරදර එහෙමත් තියෙනවා ,මොකද සමහරු කැමැති ඉස්කෝලේ වැහිලා යනවාට. මම ඒකට විරුද්ධ නිසා ප්‍රශ්න මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි, මන්ත්‍රීවරුන්ගෙන්, ඒ වගේම සමහර ගම්වැසියන්ගෙනුත් ප්‍රශ්න මතුවෙනනවා. ඒ හැම දේකටම මුහුණ දෙමින් පාසල බේරාගන්න තමයි මම කටයුතු කරන්නේ’

යනුවෙන් තමයි ඇය ඇයගේ රංගන ජීවිතය පිළිබඳව පවසා සිටියේ. ඉතින් ඇයගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

20210607Naduni 16 768x1024 1