උණුසුම් පුවත්
Search
palama

ලෑල්ල කැඩෙද්දී කම්බියේ එල්ලී අනූ නවයෙන් දිවි බේරාගත් මවයි – පුතයි

661

හම්බේගමුව, කොටවෙහෙරමංකඩ වෙිලි ඔයේ අත්වැල් පාලමෙන් එගොඩ වී පාසලට වෙත ගමන් කළ පුතකු සහ ඔහුගේ මව එහි ලෑල්ලක් කඩාවැටී වේලි ඔයට වැටෙන්න ගිය අවස්ථවේ පාලමේ එල්ලී ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත.

අඩි 100ක් පමණ උස අඩි 250ක් පමණ දිගින් යුත්ත වන එම පාලම මතින් වෙිලි ඔය තරණය කර මැදබැද්ද පාසලට යමින් සිටිය දි අනතුර සිදුව තිබේ.

පාලම මතින් ගමන්ගත් මෙම මව සහ පුතු වැල් පාලමේ ලෑල්ලක් කැඩී මව හා පුතුන් පාලමේ කමිබියක එල්ලී ඇති අතර ප්‍රදේශවාසීන්ට ඔවුන් දෙදෙනා බෙරා ගැනීමට නොහැකි වුවා නම් දෙදෙනා වේලි ඔයට වැටී ජලයේ අතුරුදන් වීමට තිබු බව ප්‍රදේශවාසීහු කියති.

image 298

මේ වන විට ප්‍රදේශවාසීන් අත්වැල් පාලමේන් ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කර තිබෙන අතර පාලම අළුත් වැඩියා කර දෙන්නැයි බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

image 299

ප්‍රසන්න පත්මසිරි

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.