රාජ්‍ය ආයතන අතරින් අල්ලස් ගැනීම වැඩිපුරම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ලැබී ඇති අතර ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා, නගර සභා, සුරාබදු දෙපාර්තමේන්තුව අල්ලස් ගැනීම් වැඩිම ආයතන අතර පිළිවෙළින් ලැයිස්තුගතව තිබේ.
විවිධ ආකාරයේ බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල අල්ලස්ගැනීම වැඩි වී ඇතැයි ද ජනතාව සුලබව ගැවසෙන ස්ථාන වල අල්ලස වැඩිපුර සිදුවන බව ද අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙහිදී සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉතා අල්ප බවත් බොහෝ අවස්ථා වල දී කොමිසමට ඉදිරිපත් නොකෙරෙන බවත් පැවසේ.
ඉතාමත් පහසුවෙන් කරගත හැකි කාර්යයක් රාජ්‍ය සේවකයන් විසින් දින ගණන් රස්තියාදු කරමින් අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් එම කොමිසම වැඩිදුරටත් අනාවරණය කර තිබේ.