මේ වන විට රටවල් 14ක පැතිරීම් වාර්තා වී ඇති මන්කිපොක්ස් වෛරසය එම රෝගී තත්ත්වය මින් පෙර වාර්තා නොවූ හෙවත්, ඊට ආවේණික නොවන රටවලින් ද වාර්තාවීම් සිදුවන බැවින් ඒවා සියල්ලම අසාමාන්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ වන විට තහවුරු වූ සිද්ධීන් 80ක් පමණ ඇති අතර, පරීක්ෂණ 50ක් ඉතිරිව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ නිරීක්ෂණ පුළුල් වනවිට තවත් අවස්ථා වාර්තා විය හැකි බවයි.
ඒ අනුව, ඊශ්‍රායලයේ සහ ස්විට්සර්ලන්තයේ බලධාරීන් සෙනසුරාදා ඔවුන්ගේ ප්‍රථම රෝගී තහවුරු කළ අතර මේ වනවිට, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, ස්වීඩනය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල ද ආසාදිතයන් සොයාගෙන ඇත.
දැනටමත් ගෝලීය වශයෙන් මිලියන 6.2කට අධික ජනතාවක් මරා දමා ඇති කොවිඩ් -19 වසංගතය අවසන් කිරීමට ලෝකය තවමත් සටන් කරමින් පසුවන වටපිටාවක මෙම නවතම වෛරසය ද කණස්සල්ල ඇති කර තිබේ.
