පාර දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි මාධ්‍ය නිවේදනයක දැක්වේ.
පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇත.
අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී දෙනියාය – කොළඹ ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් කඩිනම් අපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්, කඩා වැටීමේ අවදානමක් ඇති මාර්ග දෙපස ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇත.
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේය. අනතුර නිසා තවත් 07 දෙනෙකු තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු කියා තිබේ. පුද්ගලයින් 5 දෙනකු රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව ඔහු තහවුරු කළේය.
8.15 am update
ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී හමුවන ස්ථානයකදී මෙම අනතුර සිදු වී ඇති අතර බස් රථය කොළඹ සිට දෙනියාය වෙත ගමන් කරමින් තිබිය දී අනතුරට ලක්ව ඇත.