උණුසුම් පුවත්
Search
Untitled design 56

” මාව බලාගන්නේ බබෙක් වගේ ආදරේ හරි සුන්දරයි ” – ෂයිනි රෝචනා

175

ඇය නර්තනයට උපන් හපන් තරුණියක් ඒ වගේම නිවේදන හැකියාවත් කිසිම අඩුවක් නැතුව පිහිටලා තියෙන ඇය මේ දින වල ටීවී දෙරණ නාලිකාවේ සංගීතය ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා. කියන කතා ආහගෙන ඉන්න තරම් ආස හුරුබුහුටි කියවිල්ලක් තමයි මේ රංගන ශිල්පිනියට තියෙන්නෙ.ඇය ෂයිනි රෝචනා.

සංගීතේ ටෙලිනාට්‍යය හරහා ඇය ප්‍රේක්ෂකයන් දැන හඳුනා ගත්තත් ඇය කලාවට ආදුනික චරිතයක් නම් නොවේ. ඇය කලාවට සම්බන්ධ උණ ආකාරය ගෙන පැවසුවේ මෙන්න මේ වගේ අදහසක්. පුංචි කාලේ සුජාතා ළමා ටෙලිනාට්‍යය මලිති කියන චරිතය රඟපාලා තමයි කලාවට අත්පොත් තිබ්බේ. ඊට පස්සේ මට සිරස නාලිකාවේ පුංචි පැංචි වැඩසටහනෙ presenter විදිහට වැඩ කටයුතු කරන්න හම්බුවෙනවා. වේදිකා නාට්‍යයක් රංගන දායකත්වය දක්වලා තියෙනවා.පස්සේ අධ්‍යාපන කටයුතු නිසා මම රඟපෑමෙන් ඈත් වුණා.උසස් පෙළ නිම කරලා තමයි ආයෙත් රංගනයට මං ආවේ.

110044669 282071743017660 4699072067336201767 n

කලාව නිසා ඇයව දන හඳුනාගත් ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඇයට ආදරය කරනවා. ඇයත් පාසල් අවධියේ සිටම කලාවට බොහෝ ආදරය කරන ශිල්පිනියක්. ඇගේ පාසල් කාලයේ පිළිබඳ ඇය මාධ්‍යයට කිව්වේ මෙන්න මෙහෙම.

මගේ පාසල් ජීවිතය තමයි මගේ රංගනයට මුල. හොඳම සහාය නිළිය වගේම හොඳම නිළිය සමස්ත ලංකා මට්ටමෙන් මම සම්මාන පවා දිනාගත්තා. ඒ අත්දැකීම් එක්ක තමයි මම ටෙලිනාට්‍ය රඟපාද්දී ඉස්සරහට යන්න මට උපකාර වුණේ. පස්සේ මං නර්තනය ඉගෙන ගත්තා ඉස්සරහට නර්තන කටයුතුවලින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මෙච්චර ජනප්‍රිය දක්ෂය තාරකාවියක් වන ඇයට ආදර යෝජනා එනවද එහෙම කියලා ඇහුවම.තාමත් නව යොවුන් වියේ පසුවන කෙලිලොල් සුන්දර සැහැල්ලු ජීවිතයක් ගත කරන ඇය ආදරේ ගෙන කිව්වේ මෙහෙම කතාවක්.

ආදරේ ගැන තාම අත්දැකීම් නැහැ ආදරය සුන්දරයි මට ගැලපෙන කෙනෙක් ලැබෙනකම් මම බලන්න ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගෙන් මට ආදර යෝජනා ඕන තරමක් එනවා. ක්ෂේත්‍රයෙ අය මම ගැන දන්නවා එයා නංගි කෙනෙකුට වගේ මං බලාගන්නෙ පොඩි බබෙක් වගෙ. ඇගේ ජීවිතය ලස්සන වෙන්න ඇයට ගැලපෙන සුන්දර හදවතක් හමුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

179007695 2759896470988263 447178347001546883 n