රියැලටි තරගයක් හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසුණු කවුරුත් ආදරේ කරන නිහතමානි ගායන තරුවක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නෙ. අද කාටත් නැතිවම බැරි ප්‍රසංග වේදිකාව තුළ ප්‍රධානතම චරිතයක්.
වර්තමානයේ ඔහුගේ නව නිර්මාණ වැඩිය කරලියට පැමිණියේ නැතත් නවක ගායක ගායිකාවන් සමඟ කරට කර සිටිනවා. තීක්ෂණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම දෙස් ගත රසිකයන්ගේ ඉල්ලිම් මත ප්‍රසංගයන්ට සහභාගී වන්න අමතක කරන්නේ නැහැ.

තමන්ගේ ගෙදරම සංගීත ශබ්දාගාරයක් නිර්මාණය කරගෙන තිබෙන ඔහු සිය නිවසේ සිටම සංගීත කටයුතුවල නිරත වනවා. ආරංචියේ හැටියට ඉස්සරහට ඔහුගේ නව නිර්මාණ රැසක් එළි දක්වනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ.
තීක්ෂණ මේ වෙද්දි විවාහ වෙලා ආදරණීය දරු දෙදෙනෙකුගේ දයාබර පියෙක්. ගොඩක් සමගියෙන් පවුල් ජීවිතය ගත කරන ඔහු. සංගීත සංදර්ශන වලට සහභාගී වෙන කොට. සිය දරු දෙදෙනා රැගෙන යන්න අමතක කරන්නේ නැහැ. සිය ජීවිතයේ මුහුණ දුන්න අත්දැකීම් ගැන ඔහු කතා කරලා තිබුනේ මෙන්න මෙහෙම. එවා සුන්දර අත්දැකීම් නම් නෙවෙයි…

අපි විවාහවෙලා අවුරුදු 25යි . මම ප්‍රසංග වලට ගිහිල්ලා හම්බ කරන මුදල බිරිඳ අතට දෙනවා. එයා ඒක කළමනාකරණය කරනවා. අපි හිටියේ කුලී ගෙදරක. ඉස්සර අපි ප්‍රසංගවලට ගියේ කුලී කාර් වල නැත්තං බසයක. කුලී ගෙදරක ඉන්න නිසා අපේම කියල ගෙදරක් හදාගන්න ප්ලෑන් කරා. ඊට පස්සේ අපි ඉඩම ගත්තා. අපි හිතුවටත් වඩා ඉක්මනින් ගෙදර හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි වාහනයක් ගත්තා. ඒ ගත්තේ අපේ ගමන් පහසුවට මිසක් කවුරුත් කරන නිසා නෙවෙයි.
අපිට රුපියල් සීයක් හම්බුනත් කම්මැලි නැතුව ගිහින් බැංකුවේ දානවා ඒ ආර්ථික ප්‍රශ්න අපි හොඳට අඳුරන නිසා.
