මෙරට නමක් දිනු ”පර්පල් රේන්ජ්” සංගීත කණ්ඩායමේ හිටපු ඔක්ටපෑඩ් වාදක ප්‍රසන්න වික්‍රමගේ සහ ඔහුගේ බිරිය අතර ඇති වූ ගැටුමකින් ඔවුන්ගේ පුතාට ජීවිතයට අහිමි වී තිබේ.
වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවසක අඹු සැමියන් අතර ඇති වු ආරවුලක දී 09 හැවිරිදි කුඩා දරුවකුට ජීවිතය අහිමි වූ පුවතක් ප්‍රකට විය.
එසේ අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දී ඇත්තේ මොරවක වැලිව විද්‍යාලයේ 05 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදෙව් මෙත්සර (09) දරුවායි.
ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් ද සිට ඇත.

එම දරුවාගේ පියා විසින් මවට එල්ල කරන ලද ප හා රක් වැරදීමකින් දරුවාට වැදී තිබෙන බවට සැක කරන බව කොස්මෝදර පොලීසිය පවසනවා.
ප්‍රසන්න වික්‍රමගේ නැමැති සැකකාර පියා දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු මොරවක පොලීසිය මගින් සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවාසනාවන්ත ලෙස ජීවිතය බිලි දුන් කුඩා දරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.
කොස්මෝදර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Source – Matara hot news