උණුසුම් පුවත්
Search

පෝළිම් අතරට එක් වූ අලුත්ම පෝළිම

5007

සංචාරක ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක්වන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ඊයේ (03) දිනයේ දී ද මෙරටට පැමිණියා.

මේ අතර ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර අලෙවිය අද (04) දිනයේ සිට ආරම්භ වුණා.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලියට අදාල ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් මිලදී ගැනීමේ හැකියාව මේ වන විට පවතිනවා.

මේ වන විටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ප්‍රේක්ෂකයින් දිගු පෝලිම් වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

රුපියල් 300, 1,500, 2,500,4,000 සහ 5,000 යන මිල ගණන් වලට එම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.




Leave a Reply

Your email address will not be published.