මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සෑම මසකම 01 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර සඳහන් කර සිටියා.
ඒ අනුව ඊයේ (15) රාත්‍රී එම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ නැහැ.
පසුගිය කාලයේ පැවති ඉන්ධන අර්බුදය මේ වන විට යම්තාක් දුරකට විසඳී ඇති අයුරු දැකගත හැකි වනවා.
කෙසේ නමුත් ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බව තවමත් වාර්තා වන අතර පෝලීම් මේ වන විට අවසන් වී ඇති අයුරු දැකගත හැකි වනවා.