කලා ක්ෂේත්‍රයේ කාගේත් අවධානය දිනාගත්තු චරිතයක් තමයි සජානා වනිගසූරිය කියන්නෙ. ඇගේ මන බදින රූ සපුව නිසා අපේ රටේ තරුණයන්ගෙ සිහින කුමරිය බවට ඇය පත්වෙලා තිබුණා . වෙළඳ දැන්වීම් හා ගීත රචනා තුළින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය වැඩියෙන්ම රසිකයන් අතරට ගියේ උනුහුම ගීතයේ රූප රචනාව හරහා. මේ දවස් වල නම් මේ හැඩකාරිය වැඩිය පුංචි තිරය පේන්න නැහැ. ඒ ඇයි කියලා ඇය ජාතික පුවත්පතක් සමඟ කියලා තිබුනෙ මේ වගේ අදහසක්.
ඔව් මං වැඩිය පහුගිය කාලේ දකින්නට හිටියේ නැහැ. මම විවාහ වුණා මම මූලිකත්වය දෙන්නේ මගේ පවුලට තව එකක් මගේ අධ්‍යාපන කටයුතුවල මං නිරත වෙලා හිටියා. හැබැයි මම හොඳ නිර්මාණයක් ආවොත් බාර ගන්නවා.

ගොඩක් අය කියනවා සජානා සංවේදී බවින් අඩු කෙනෙක් කියලා… මෙන්න මේකට හරි අපූරු උත්තරයක් දීලා තිබුණා. මම සංවේදී නැත්තෙම නැහැ මගේ හිත රිදෙනවා රිදෙන අවස්ථා ගොඩක් තියෙනවා මම ඒ වෙලාවට කරන්නෙ ඒවා මග ඇරලා යන එක. හැබැයි මම මිත්‍රශීලී කමෙන් නම් අඩුයි. කාත් එක්ක හරි කථා කරලා යාලුවෙන්න මට ගොඩක් කල් යනවා.

ලංකාවේ ඉන්න නිලියන්ගෙන් බොලිවුඩ් නිළියකට සමාන ලස්සන රුවක් තියන එකම කෙල්ල ඇය කියලා සමහරු කියනවා නේද කියලා අහපු ප්‍රශ්නෙට සජානා කිව්වේ මේ වගේ කතාවක්. සමහර අය නම් එහෙම හිතනවා මම නම් හිතන්නේ මගේ රූපය මගේ අම්මගේ වගේ කියලා. ගොඩක් ජනප්‍රියයි කියන එකට මට උත්තරයක් දෙන්න බැහැ. මොකද මම නිතර රූපවාහිනියේ දකින්න ඉන්න කෙනෙක් නෙවෙයි. ඒත් වැඩ අඩුවෙන් කරත් රසිකයන්ගේ ආදරය නම් ගොඩක් ලැබිලා තියෙනවා.

රසිකයන්ගෙන් ආදරය දිනාගත්තු ඇය තමන්ගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් පසුගිය දවසක පහු කරා. ඒ තමන් වෛද්‍යවරියක් ලෙස උපාධිය හිමිකර ගැනීම. ඇය පළමු පෙළ වෛද්‍ය උපාධියකට හිමිකම් කියනවා. අපිත් ඇයගේ වෘතීය ජීවිතය සිය දහස් ගණනක් රෝගීන් සුවපත් කරලා ඉස්සරහට යන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. කලා ජීවිතය තුළත් මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
