උණුසුම් පුවත්
Search
gi car

ඉන්ධන පෝලිමේ නවතා තිබූ මෝටර් රථය සිදුරු කළ ජීඅයි බටය (ඡායාරූප සහිතයි)

81

කොළඹ, ටවුන්හෝල් වටරවුම ආසන්නයේ ඔඩෙල් ආයතයනය ඉදිරිපිට ඉන්ධන පෝලිමේ තිබූ මෝටර් රථයක් මතට ඉහළ ඉදි කරමින් ඇති ගොඩනැගිල්ලෙන් ජීඅයි යකඩ බටයක් වැටී ඇති අතර මෝටර් රථය ඉදිරිපස වීදුරුව සිදුරු කරමින් ඇතුලට වැටී අනතුරට ලක්ව ඇත.

අද (09) උදෑසන 8.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

image 217

යකඩ බටය, මෝටර් රථයේ වීදුරුව පසාරු කරගෙන වාහනයේ පතුල ද පසාරු කරගෙන ගොස් ඇත්තේ රියදුරුගේ කකුල් දෙක අතරිනි.

රියදුරුට සුළු සීරීම් තුවාල පමණක් සිදුව ඇති බවට වාර්තා වේ.

මෙම වාහනය ඉන්ධන පෝලිමේ නවතා තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන් වේ.

image 216



Leave a Reply

Your email address will not be published.