හෙට (06) මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්රික් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 03කින් ප්රමාද වන බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව එම නෞකාව එළඹෙන (09) වනදාටයි මෙරටට පැමිණීමටයි නියමිතව ඇත්තේ.
මීට අමතරව තවත් ගෑස් අඩංගු නෞකා 02ක් එළඹෙන (11) සහ (16) වනදා මෙරටට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.
ලෝක බැංකුව සමග ලිට්රෝ සමාගම ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර අතර ඊට අදාළවයි මෙම ගෑස් තොග මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.