උණුසුම් පුවත්
Search
school child

බස් නොමැතිව ඉස්කෝලේ යන්න නැගි ලොරි රථයේ තට්ටුව කඩා වැටී දරුවන් 13ක් රෝහලට

138

ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (30) දිනයේ දී මෙම සිදු වීම වාර්තා වී තිබෙනවා.

දරුවන් පාසල් වෙත යාම සදහා බස් රථය එනතුරු බලා සිටිය ද එය නොපැමිණීම නිසා, පාසලට යාමට කුඩා ලොරි රථයකට ගොඩ වී ඇති අතර දරුවන් ද රැගෙන පාසල වෙත යමින් තිබුනු එම ලොරි රථයේ තට්ටුව අතර මග දී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ලොරි රථයේ සිට ඇති දරුවන් 37 දෙනාගෙන් 13 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති දරුවන් ගලෙන්බිදුණුවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

-ගලෙන්බිදුණුවැව බාලසූරිය-




Leave a Reply

Your email address will not be published.