උණුසුම් පුවත්
Search
Untitled design 61

පළමු පැරෂුට් සෙබලිය අද පුංචි තිරයේ සුරූපි නිළියක්

176

ඇය මුලින්ම තෝරා ගත්තේ රට රැකීමේ වෘත්තීය අද අපි කතා කරන්න යන මේ සුරූපිනිය තිරයට එන්නට මත්තෙන් වීර ගුවන් සෙබළියන් වෙලා හිටපු තැනැත්තියක්… ඇය නමින් කෝශලී fernando වර්තමානයේ ඇය බොහො ටෙලිනාට්‍ය වලට සිය රංගන දායකත්වය ලබා දෙනු ලබනවා… සිරි දළදාගමනය , encounter 2 , හිරු නාළිකාවේ විකාශය වන 119 යන වැඩසටහන් හරහා රසිකයන් අතර ඇය බෙහෙවින් ජනප්‍රිය වුණා. ඉදිරියේදී ඇය රංගන දායකත්වය ලබා දෙනු ලබන ද මර්ඩර්, මුතුවිල ටෙලි නාට්‍ය විකාශනය වීමට නියමිතයි. රනිල් කුලසිංහ ගේ සිත් මල් යාය , අයිස් චිත්‍රපට සදහා ද ඇය දායකත්වය ලබාදෙනු ලැබුවා..

285673246 141591761795361 1414086752473076847 n

පාසල් කාලේ අති දක්ෂ ක්‍රීඩිකාවක් උන ඇය පාසල් අධ්‍යාපනයෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වන්නේ වර්ෂ 2007 දී ශාරීරික අභ්‍යාස උපදේශිකාවක් විදිහට. 2007 ඉදලා 2022 දක්වා ගුවන් හමුදා ජීවිතය තුළ විවිධ පාඨමාලා.. 7 කට වැඩි ප්‍රමාණයක් හදලා තියෙනවා.. ඇය එහිදී විවිධ දක්ෂතා දක්වලා ඇගයීම් වලට පවා ලක් වෙලා තියෙනවා . සුවිශේෂ ම කරුණ නම් ශ්‍රී ලංකා ඉතිහාසය බිහිවූ පැරශුට් කාන්තා ශූරියක් අතර ඇය සිටීමයි. ඒ 2008 වර්ෂයේ ප්‍රථම කාන්තා පැරශුට් ශුරියන්ගෙන් කෙනෙක් ඇය. ඒ වගේම ඇගේ මනා රූ සපුව නිසා 2009 වර්ෂයේ කොළඹ ගුවන් හමුදා කඳවුරේ පැවති අවුරුදු කුමරිය තේරීමේ තරඟයෙන් ජයග්‍රහණය කරනු ලැබුවා. 2018 වර්ෂයේ ඇය තමයි ගුවන් හමුදාවේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූනෙ.. ඇය සිය වෘත්තිය ජීවිතයට සමු දීමට වර්ෂ 2022 දි තීරණය කරන අතර ඒ අනුව ඇය ගුවන් හමුදාවෙන් ඉවත්වෙවා.

306156314 141411668597802 1483916072190681925 n

ඊට පස්සේ කලාවට අවතීර්ණ වුණු ඇය. කියල තිබුනෙ පොඩි කාලේ ඉදලම හොඳ නිළියක් වෙන එක ඇගේ හිතේ තිබුන කියල. ඇය සිය ගුවන් හමුදා ජීවිතයේ පැරෂූට් සෙබළියක් ලෙස ලබපු අත්දැකීම් පිළිබඳව කියල තිබුනෙ මෙන්න එහෙම අදහසක්..

වෙනදට අඩ් 1500ක් උසකින් පැනලා තිබුණේ නැහැ. ඒත් එදා අඩි 1,500 ක ටත් වඩා උඩින් පැන්නා.. පනිනකොට නම් හිතුව ජීවිතේ ඉවරයි කියලා.. ඒත් පැරශුට් එක දිග ඇරිලා එනකොට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනා හරියට පියාබනවා වගේ. ඉතින් අපිත් මේ වීර ගුවන් සෙබළියන්ට කලා ලෝකය තුළත් දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබෙන කියලා. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

302122634 136168592455443 2075873376061985890 n