උණුසුම් පුවත්
Search
fathima

අටළුගමදී දිවි අහිමි වූ දැරියගේ පියාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරයි

2980

බණ්ඩාරගම, අටුලුගමදී අතුරුදන්ව සිට අද (28) මළ සිරුර සොයාගත් ෆාතිමා නමැති 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් අද පෙරවරුවේ සඳහන් කර සිටියා.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියගේ සමීප ඥාතියකු සම්බන්ධව ද සොයා බලා ඇතැයි සඳහන්.

දැරිය පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ කාන්තාවක් සමග සිටින බවට මුහුණු පොතේ පළ කළ දැන්වීමක් අනුව ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසි වලට පොලිස් පණිවුඩ නිකුත් කර සොයා ඇති අතර දැරිය අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ හැඳ සිටි රාත්‍රි ඇඳුම හොරණ පොලිස් නිල සුනඛ “ඩෘනෝ” සුනඛයාට ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුන බව ද පොලිසිය පවසනවා.

කෙසේ නමුත් අටළුගම ආසන්නයේම මඩ වගුරක තිබී හමුවූ දැරියගේ සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හෙට දින සිදු කිරීමට නියමිතයි.

image c8d9decb02



Leave a Reply

Your email address will not be published.