උණුසුම් පුවත්
Search
noa

2023 වසරේ ලොව වේගවත්ම මිනිසා අමෙරිකාවෙන්

241

හංගේරියාවේ බුඩාපේස්ට් හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මෙම වසරේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් කිරුළු පැලඳීමට අමෙරිකාවේ නොවා ලයිල්ස් සමත් විය. ඒ මෙවර මීටර් 100 ඉසව්ව තත්. 9.83කින් අවසන් කරමිනි.

මෙහි දෙවැනි ස්ථානය බොට්ස්වානා රාජ්‍යයේ ලෙස්ලි ටෙබෝගෝ දිනා ගත්තේ තත්.9.88කින් ඉසව්ව නිමා කරමිනි. අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය විය.

ලෙස්ලිට තියුණු තරගයක් ලබා දෙමින් මෙහි තෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයේ සානෙල් හියුස් හිමිකර ගත්තේ තත්.9.88කින් තරගය නිමා කරමිනි. 2019 වර්ෂයේ මෙහි ශූරතාව දිනූ ඇමරිකාවේ ක්‍රිස්ටියන් කෝල්මාන්ට මෙවර හිමිවූයේ පස්වැනි ස්ථානය වූ අතර, ඔහු වාර්තා කළ කාලය තත්. 9.92කි.

Noah Lyles – top five facts to know

මේ අතර මෙහි එකම ආසියානු නියෝජනය වු ජපානයේ අබ්දුල් හකීම් සානි බ්‍රවුන් තත්. 10.04ක කාලයක් වාර්තා කරමින් 07 වැනි ස්ථානය දිනා ගත්තේය.

මේ අනුව තවමත් ලොව වේගවත්ම මිනිසා ලෙසින් වැජඹෙන උසේන් බෝල්ට එම ගෞරවාන්විත තත්ත්වය එලෙසින්ම පවත්වා ගැනීමට අවස්ථාව උදාවිය.

බෝල්ට් 2009 වසරේ ජර්මනියේ පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ දී මීටර 100 ඉසව්ව තත්,9.58කින් අවසන් කර ලොව වේගවත්ම මිනිසා බවට පත්විය.

ඔෂිත වරකපිටිය