උණුසුම් පුවත්
Search
thilini

තිලිණි ප්‍රියමාලිට හසුවෙන්න ගිය ප්‍රකට බොලිවුඩ් තරුව අනූනවයෙන් බේරෙයි

627

ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලා රවටා ලබාගත් රුපියල් කෝටි ගණනක් වැය කරමින් එම ප්‍රසංගය කොළඹ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතරතුර දී තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

image 77

ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිවරා ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රසංගය නැරඹීම සඳහා දේශපාලනඥයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකට ආරාධනා කිරීමට ද සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

image 80

තිලිණි ප්‍රියමාලිට අයත් තිකෝ චිත්‍රපටි සමාගම විසින් “මායා ජාල ” නමැති චිත්‍රපටියේ මුහුරත් උළෙල ඉකුත් මාර්තු 19 වැනි දා කොළඹ ෂැංගිලා හෝටලයේ දී පවත්වා තිබූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 350කට අධික මුදලක් වැය කර තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

image 78

මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වූ දැවන්තම මුහුරත් උළෙල ලෙසට සැලකෙන, මායාජාල චිත්‍රපටියේ මුහුරත් උළෙල සඳහා ඉන්දීය ජනප්‍රිය නිළි මෝනි රෝයි (ශිවන්‍යා) ඇතුළු නළු නිළි පිරිසක් සහ මැති ඇමැති පිරිසක් ද සහභාගි වී තිබේ.

එම මුහුරත් උළලේ දී ලබාගත් ප්‍රසිද්ධිය පාදක කරගනිමින් තිලිණි ප්‍රියමාලි සිය වංචාවන් වේගවත් කර ඇතැයි ද දැනට කෙරෙන විමර්ෂණයේ දී අනාවරණය වී තිබේ.

image 81

ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්ගේ ප්‍රසංගය මගින් ලබාගන්නා ප්‍රසිද්ධිය පාදක කරගෙන තිලිණි ප්‍රියමාලි තව දුරටත් මහා පරිමාණ මූල්‍ය වංචාවන් කිරීමට සැලසුම් කර තිබුණේද යන්න පිළිබඳව ද විමර්ශනයේ දී අවධානය යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

image 82

ඉෂාර රත්නකාර

Source – Aruna