උණුසුම් පුවත්
Search
Untitled design 32

සැවොම හඩවමින් තරුණයන්ගේ සිහින කුමරිය හරෂි රසාංගා රංගනයට සමු දෙයි

2048

හරෂි රසංගා කියලා කියන්නේ මෑතකාලීනව බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් ආදරණීය රුවැත්තියක්. හිරු නාළිකාවේ විකාශය වු ලංවී ටෙලිනාට්‍යයේ අපූර්වා කියන චරිතයට පණ පොවන ඇයට ඒ සඳහා බොහෝ රසික රසිකාවියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තමයි ඇය ටෙලි නාට්‍යවලට අමතරව වෙළඳ දැන්වීම් තුළත් music videos තුළත් photoshoot තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා.

121075983 176321850696472 5148978503378969195 n

තවමත් අධ්‍යාපනය හදාරන වයසක සිටින නව යෞවනියක් වන ඇයට ඇත්තේ ඇයටම ආවේනික වූ සුන්දරත්වයක්. ටැටු විලාසිතා වලට වැඩි ප්‍රියතාවයක් දක්වන ඇය මේ වන විට tattoo කිහිපයකින් ම සිය සිරුර හැඩගන්වා ගෙන තමයි තිබෙන්නේ. ඉතින් ඇගේ instagram ගිණුමේ ඇය රසික රසිකාවියන්ට එක්තරා දුක හිතෙන කතාවක් කියලා තිබුණා. ඒ තමයි අවුරුදු 11 ක් මුළුල්ලේ සිට සිටි රංගන ක්ෂේත්‍රයෙන් සමුගැනීමට තීරණය කිරීම. ඉතින් ඒ ගැන ඇය සටහන් කරලා තිබුණේ මේ විදියට.

121996383 179973960331261 4301999519069640329 n

“දෙයක් කියන්න ආවේ. මම අවුරුදු 11ක් රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඒ මගේ අම්මිගේ ආසාව නිසා. ඒත් මම මගේ රංගන කටයුතු නතර කරන්න තීරනය කලා. මගේ වැඩිදුර අධ්‍යාපනයට මම ලංකාවෙන් යනවා ලබන අවුරුද්දෙ. ඉතින් ඒ නිසා මම සෑම කලා කටයුත්තක්ම නවත්තන්න තීරනය කලා.

මේ දවස් වල හිරු නාලිකාවෙ විකාශනය වන ලංවී නාට්‍යය මම ගොඩක් ආසාවෙන් කරන වැඩක්. Drama එක පටන් ගන්න කලින් රගපෑම් කටයුතු නවත්තන්න හිටියෙ. ඒත් script එක කියෙව්වම වැඩේ ලස්සනයි කියලා හිතුන නිසා drama එක කරලම ලංකාවෙන් යනවා කියලා හිතාගත්ත.

119138840 169505998044724 5744991306341331283 n

ඉතින් drama එකට priority දීලා ඒක ඉවර කරලා මම ලංකාවෙන් යනවා. ඉතින් කියන්න ඕන, අවුරුදු 11ක් මට ආදරේ කරපු අය, මට බැන බැන මං ගැන හොයපු අය හැමෝටම මම ගොඩක් ආදරෙයි. කවදාවත් ඔයාලගෙන් ලැබුනු ආදරය අමතක වෙන්නෙ නැ. ඒ වගේම මගේ හිතේ ඔයාලට තියෙන ආදරෙත් අඩු වෙන්නෙ නෑ. මේ ගමනෙදි මට වචනෙකින් හරි උදව් කරපු අයට ඒ වගේම මාව කපපු, තැන් තැන් වල මට බැනපු, ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ අය නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, මම තවත් ශක්තිමත් වුනා. මට උදව් කරපු අය නම් වශයෙන් කියන්න බැරි තරම්. ඒත් ඒ හැම නමක්ම මගේ හිතේ කෙටිලා තියෙනවා හැමදාටම. ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ, ඔයාගේ ජීවිතේ ඔයා කැමති විදිහට විදින්න. ආදරෙයි ” ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

118280429 163710888624235 1813678691607648824 n