විදුලි බිල වැඩි කරන ආකාරය පිළිබඳව ඉදිරි දින 02 තුළ දී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
අද (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ මෙහිදි ඒකක 30 – 60 භාවිත කරන පිරිස් වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
මීට අමතරව විදේශ විනිමය උපයන ආයතන වලින් ඩොලර් වලින් විදුලි බිල අය කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.