ඉන්ධන ලබා දීමේ දී සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණ ද මේ වනතුරු එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා නුදුරේදීම වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (17) පැවසීය.
“කළු කඩ මුදලාලිලා, වෙනුවෙන් ඉන්ධන එක්රැස් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින තෙල් ජාවාරමුන් නිසා මෙම තත්ත්වය ඉතා නරක අතට හැරී ඇතැයි” ද වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙම ඉන්ධන ජාවාරමුන් ඉදිරියේ පොලිසිය සහ යුද හමුදාව මුනිවත රැකීම නිසා ඉන්ධන හල් වෙත යන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහයස් දැක්ව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන,
”ඉන්ධන මාෆියාව අද හොඳ ආදායම් මාර්ගයක් වෙලා….. කළු කඩ වෙනුවෙන් ඉන්ධන එකතු කරන ජාවාරමුන් පෙට්‍රල් බෝතලය රුපියල් 650ටත් ඩීසල් බෝතලය රුපියල් 550ටත් විකුණනවා. අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය සේවාවට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන බව කීවට මෙම ජවාරම් කරන පිරිස නිසා එවැන්නක් තවම සිදුව නැහැ….”
සුජීව තත්සර
Source – Divaina