උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාකයේ නීනවා පළාතේ අල්හම්දානියා නගරයේ උත්සව ශාලාවක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න හට ගැනීමට හේතුව කුමක් ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව ත් ගිනිකෙළි සංදර්ශනයකින් පසුව මෙම ගින්න හටගෙන ඇති බව ත්‍ය.
එරට වේලාවෙන් (සැප්. 26) රාත්‍රී 10.45ට ගින්න හට ගෙන ඇත.
ගින්නෙන් 450කට අධික සංඛ්‍යාවක් මිය ගොස් හා තුවාල ලබා ඇති බව ඉරාක රතු අඩ සඳ සංවිධානය පවසයි.
ගින්නෙන් මනාල යුවල මුදා ගෙන ඇති බව කියයි.