උණුසුම් පුවත්
Search
hirunika

හිරුණිකාට එරෙහිව පොලිසිය කළ ඉල්ලීම උසාවිය ඉවත දමයි

272

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපති මන්දිරය අසල කලහකාරී ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි පොලීසිය මෙම ඉල්ලීම සිදුකර තිබුණේ.

පසුගිය මස 06 වනදා ජනාධිපති මන්දිරය අසල කලහකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහැරීමට එහිදී පොලීසිය කටයුතු කර තිබූ අතර ඉන් අනතුරුව එම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවූ ලැබූ අවස්ථාවේ දී පොලීසියේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කළේ පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ආකාරය නීතියට පටහැනි බවයි.

ඒ අනුව, අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කිරීමට කරනු ලැබූ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මීට අදාළව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකොට ලේඛන සහිතව ඉල්ලීම් කරන ලෙසයි මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට පෙන්වා දී තිබුනේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *