උණුසුම් පුවත්
Search
fathima

රටම දන්න නිවේදක යුවළ ෆාතිමා සහ මධුශාන් මව් – පිය පදවි දරන්නට සැරසෙයි

16524

රටම හඳුනන නිවේදිකාවක් තමයි ෆාතිමා නස්රීන් නසාර් කියන්නේ.

ප්‍රවෘත්ති නිවේදන කලාව හරහා ස්වර්ණවාහිනී නාලිකාවෙන් රටම හඳුනාගත් ඇය මුස්ලිම් ජාතික තරුණියක් වුවත් සිංහල භාෂාව හැසිරවීමේ දක්ෂතාවය නිසා බොහෝ දෙනාගේ අවදානය දිනාගනිමින් රටේම ආදරය දිනා ගන්නට සමත් වුණා කිව්වොත් වරදක් නැහැ.

No photo description available.

ප්‍රවෘත්ති නිවේදනය හරහා ක්ෂේත්‍රයට පැමිණියත් පසු කාලීනව ඇය විවිධ වැඩසටහන් ඔස්සේ නිවේදන භූමිකාවට පණ පොවනවා.

ඉතින් කවුරුත් හඳුනන ඇය විවාහ වෙන්නේ බොහෝ කලක් එම නාලිකාවේම නිවේදකයෙකු ලෙස රටම හඳුනාගත් දක්ෂ කථිකයෙකු වන මධුශාන් ද සිල්වා සමඟයි.

No photo description available.

ජාතීන් දෙකක් අතර විවාහයක් වූ බැවින් මොවුන්ගේ විවාහය ගැනත් රටේම අවදානය යොමුවුණා.

ඉතින් සාර්ථක යුග දිවියක් ගත කළ ෆාතිමා සහ මධුශාන් මේ වන විට මව් – පිය පදවියට සූදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

May be an image of 1 person and smiling

No photo description available.

No photo description available.