උණුසුම් පුවත්
Search
akila

රටම බලා සිටි ඇන්තනී පවුලේ අලුත්ම සාමාජිකයා මෙලොව එළිය දකියි (ඡායාරූප සහිතයි)

5682

අපේ රටේ ප්‍රකට කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. ඉතින් කාලයට මේ අය ගැන විවිධ කතා මතුවෙනවා. ඒකට හේතුව නම් මුළු පවුලම කලාවට සම්බන්ධ වීමයි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවා මේ වන විට දැයෙන් සමුගෙන ඇතත් මේ පවුලේ දරුවන් තාත්තාගේ අඩි පාරේ යමින් ඒ කලා කටයුතු වල නිරත වෙනවා.

ඉතින් ඊයේ (15) දවස මේ පවුලට හරි විශේෂයි. ඒකට හේතුව තමයි කවුරුත් හඳුනන අකිල ධනුද්දර ඊයේ දිනයේ දෙවන වතාවටත් පිය පදවිය ලැබුවා.

May be an image of 2 people and cake

මෙවර ඔවුන්ගේ දායාදය පුතෙක්. ඉතින් ඒ වගේම අකිලගේ උපන්දිනයත් ඊයේ දිනයටම යෙදිලා තිබුණා.

May be an image of 2 people, baby, people smiling and hospital

මේ පුවත සම්බන්ධයෙන් මාධවී, අකිල, සජිත ඇතුළුව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යට එක්කර තිබූ අතර ප්‍රේක්ෂක පිරිසගේ නොමද ආදරය ද සුබ පැතුම් ද ඒවාට එක්කර තිබෙනු දැකගන්නට හැකිය.

May be an image of 2 people and ossobuco