උණුසුම් පුවත්
Search
CANADIAN

කැනේඩියානු රජය සිංහලයන්ගේ හිමිකම් අවලංගු කරයි

189

කැනඩාවේ ඔන්ටාරියෝ හි දෙමළ ජන සංහාර අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත් කිරීම “අධ්‍යාපනික” අරමුණක් වෙනුවෙන් සිදුකරන ලද්දක් බව පවසමින් කැනේඩියානු අධිකරණයක් විසින් එම ක්‍රියාමාර්ගය තහනම් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කර ඇත.

ඩයස්පෝරා අතර ආතතිය පිළිබඳ අවධානය යොමු කළ මෙම නඩුවේ දී සිංහල – කැනේඩියානු කණ්ඩායම් කිහිපයක් ඔන්ටාරියෝ අධිකරණයට පැමිණිලි කර තිබුනේ සෑම වසරකම මැයි 18 දිනෙන් අවසන් වන දින හතේ කාලසීමාව ලෝක ඉතිහාසයේ දෙමළ ජන සංහාර සහ අනෙකුත් ජන සංහාර සිදු කළ කාලසීමාව ලෙස කැනේඩියානු දෙමළ ඩයස්පෝරාව විසින් නම් කිරීම නීති විරෝධී බව පවසමිනි.

සිංහල අයදුම්කරුවන් මෙහිදී කියා ඇත්තේ අන්තර්ජාතික නීතිය යටතේ කිසිදු දෙමළ ජන සංහාරයක් පිළිගෙන නොමැති බවත්, ”ජන සංහාරය” යන යෙදුම භාවිතා කිරීමට කැනේඩියානු පළාත් රජයට බලයක් නොමැති බවත්ය.

එහිදී එක් ජන කණ්ඩායමකට එරෙහිව තවත් කණ්ඩායමක් කෙරෙහි වෛරය ප්‍රවර්ධනය කරන බවත් නඩුවේදී තර්ක කර තිබිණි.

සිංහල අයදුම්කරුවන්ගේ හිමිකම් ඉල්ලීම අවලංගු කරමින් ඔන්ටාරියෝ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ 26 වසරක සිවිල් යුද්ධය ශ්‍රී ලංකාව විසින් අවසන් කළ නමුත් ‘සටන අවසන් වී නොමැති’ බවයි.




Leave a Reply

Your email address will not be published.