පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා වන මුනිදාස ගමගේ විසින් දෙවැනි වරටත් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එය වැඩි ඡන්ද 18කින් පරාජයට පත්ව තිබේ.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිස් වූ සභාපති ධුරය සඳහා ලේකම්වරයා විසින් පළාත් සභා පනත පැහැදිලි කර දීමෙන් අනතුරුව වැඩ බලන නව සභාපතිවරයා වශයෙන් උප සභාපති ජගත් රාජපක්ෂ වැඩ භාර ගත්තේය.
පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) බලය හිමි සංයුතියේ වූයේ සභාපතිවරයා ඇතුළු 14 දෙනෙකි. සමගි ජන බලවේගයට මන්ත්‍රීවරුන් හයදෙනකු ද, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරුන් තුන්දෙනකු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් දෙදෙනකුත් වශයෙන් ද මන්ත්‍රී සංඛ්‍යාව බෙදී ගොස් තිබිණි.
සභාපති මුනිදාස ගමගේ විසින් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද 18ක් ලැබී තිබුණි. මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙවර සභාව අයවැය ඉදිරිපත් කිරීමටත් පෙර සිටම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.
අයවැය පරාජය වීමත් සමගම පරාජයට පත්වූ සභාපති මුනිදාස ගමගේ අදහස් දක්වමින් පවසා සිටියේ වීදුරු ගෙවල්වල සිට ගල් නොග සන ලෙසයි. ඔහු එසේ පැවසීමත් සමග සභාව නැවත වරක් දැඩි උණුසුම් ස්වරූපයක් ගත්තේය.
අකුරැස්ස සමන් උපුල් පිනිදිය
Source – Divaina